වැල්ලම්පිටියේ නිවසේ මිය ගිය අයෙක් හොර මරණ සහතිකෙන් භූමදානය කරලා!

November 27, 2020 at 8:27 am | by emanisa.lk

වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක හදිසියේ මිය ගිය අයෙකුගේ සිරුර ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණ ආරම්භ වී තිබේ.

64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති අතර ඔහුගේ බිරිඳ දරුවන් PCR පරීක්ෂණයකට යොමු කර නිවසේ ම නිරෝධායනයට යොමු කර තිබේ.

නිවසක හදිසි මරණයක් සිදු වූ අවස්ථාවල රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුම්වත් කරන ලෙස දැනුම් දී තිබුණ ද ඒ සියලු නීතිවලට පටහැනිව මෙම භූමදානය සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *