වැඩ වර්ජනය සාර්ථකයි…! වරාය පාසැල් සියලු සේවා අඩාලයි..! – වෘත්තීය සමිති…

March 15, 2023 at 3:08 pm | by emanisa.lk

රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද දින ක්‍රියාත්මක කළ වැඩවර්ජන සාර්ථක බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

වරාය සේවා කටයුතු සම්පූර්ණයෙන්ම වැඩ නවතා ඇතැයි වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පැවසූ අතර වරාය අධිකාරියේ සභාපතිවරයා බලහත්කාරයෙන් සේවකයන් රාජකාරියේ යෙදවීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව ද කියයි.

පාසල් සියයට සීයක් වසා දමා ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං පැවසීය

විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති තීරණය කළ පරිදි නඩත්තු අංශය හා බලාගාර පමණක් සේවයේ යෙදෙන බව ද සෙසු සියලු සේවා නතර කර වර්ජනයට එක්ව ඇති බව ද සමස්ත ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසීය

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සංගමයේ සාමාජිකයන් හැර සෙසු වෘත්තීය සමිති අද සේවයට වාර්තා කර ඇති බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය අශෝක රංවල පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *