වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ සියලු ම ගුරුවරුන්ට වැටුප් වර්ධකයක් හිමි වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
“වර්ජනය කරපු දිනවල… කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ නොවී දරුවන්ගේ පැත්තේ හිටගත්තු ගුරුවරුන්ට විතරක් 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335ක වැටුප් වැඩිවීමකුත්, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා රු 1,630ක වැටුප් වර්ධකයෙකුත් විශ්‍රාම වැටුපට බලනොපාන ආකාරයට වැටුප්වල වර්ධකයක් ලැබෙනවා.
රාජ්‍ය අංශයේ අනෙකුත් සුළු සේවකයින් හා අනෙකුත් අයටත්, වැඩකරපු සියලුදෙනාටත් මෙවැනි වැටුප් වර්ධකයන් ලැබෙනවා ඇති. භාණ්ඩාගාරයට මුදල් නැත්නම් කොතරම් උද්ඝෝෂණය කරත්, කොතරම් වැඩ වර්ජනය කරත්, කොතරම් සාප කළත්, පොල් ගැහුවත්, දේවාලවලට ගියත් කොහෙන්ද දෙන්නේ ? කවුද දෙන්නේ ?”
අද (10) පාර්ලිමේන්තුව අමතමින් ඇමැතිවරයා මේ බව කීය.