වැට් බද්ද තවත් 03%කින් ඉහළ නැංවූ පසු එය 18%ක් දක්වා ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල පවසයි.
මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ ඊට අමතරව විදුලිය, ජලය, ඉන්ධන සහ පොහොර ආදී සියල්ලට ම වැට් බද්ද පනවා ඇති බවයි.
ජීවන වියදමින් මිරිකී ඇටසැකිලි බවට පත්ව ඇති ජනතාව කරපිට තව තවත් බර පටවන මෙය මළ මිනී බද්දක් බවයි, උදය ගම්මන්පිල අවධාරණය කළේ.