වහාම රසායනික පොහොර දෙනු…! නැත්නම් ගොවියා වෙනුවෙන් මහින්දානන්දට විශ්වාසභංගයක් ගේනවා…! – තිස්ස

October 18, 2021 at 8:58 am | by emanisa.lk

පොහොර අර්බුදය විසඳීමට තව දුරටත් අපොහොසත් වන්නේ නම් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක අවධාරණය කරයි.

මහනුවරදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පවතින දැවැන්තම ගැටලුව පොහොර අර්බුදයයි. ගොවීන්ට පොහොර ලබාදීමේදී ආණ්ඩුව මුළුමනින්ම අවුලක් නිර්මාණය කරලා.

වී ඇතුළු මෙරට සියලු ම භෝග වගාවන්ට මෙම පොහොර හිඟය බලපා තිබෙනවා. රට පුරා ගොවි උද්ඝෝෂණ ව්‍යාපාර ඇති වී තිබෙන්නේ ආණ්ඩු විරෝධයක් නිසා නොව පොහොර ලබාදෙන ලෙස ඉල්ලමිනුයි.

එය ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පත්කිරීමේ මග පාදන්නේ ආණ්ඩුව විසින්මයි. මෙම ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව ගත කාලය ඉතා ම වැඩියි. ආණ්ඩුවේ අසමත්කම මෙමගින් පෙන්නුම්කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *