කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව වසන්ත මුදලිගේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගතකර තැබීම මේ රටේ ජනතාවට කරන බලවත් නින්දාවක් බව ආචාර්ය මහීම් මෙන්ඩිස් පවසයි.
එම අසාධාරණයට එරෙහිව හඬ නැගීම සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවේ වගකීමක් බවයි, ඔහු අවධාරණය කළේ.
එ් පිළිබඳ දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද කරුණු කීම සිය පරම වගකීමක් බව ද මහීම් මෙන්ඩිස් ප්‍රකාශ කළේය.
වැලිකඩ බන්ධනාගාරයට ගොස් වසන්ත මුදලිගේ මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.