සත්‍යග්‍රහය නවතන්න වරාය සේවකයෝ ලිඛිත පොරොන්දුවක් ඉල්ලති!

August 1, 2020 at 6:17 pm | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේ නම් සිය සත්‍යග්‍රහය අත්හිටුවන බව වරාය සේවකයෝ පවසති.

නැගෙනහිර පර්යන්තයේ කටයුතු ආරම්භ කරන ලෙස රජයට බල කරමින් වරාය සේවකයෝ දැනට දින කිහිපයකට පෙර සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

කෙසේවෙතත් ඔවුන් ඊයේ (31) සිට වර්ජනයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් කොළඹ වරායේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

වර්ජනයේ නිරත සේවකයින් පවසන්නේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු හැකි ඉක්මණින් වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *