වරාය නගර කොමිසමේ සභාපති ධූරයට හාන්ස් විජේසූරිය…!

April 29, 2021 at 10:54 pm | by emanisa.lk

වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ධූරය සඳහා හාන්ස් විජේසූරිය යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

ඩයලොග් සමාගමේ සහ එහි මව් සමාගම වන ආසියාටා සමාගමේ ඉහළ විධායක තනතුරු දැරූ හාන්ස් විජේසූරිය කේම්බ්‍රිජ් ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවක උපාධිධාරියෙකි.

හාන්ස් විජේසූරිය දෙස් විදෙස් ව්‍යාපාරික ක්ෂේත්‍ර පිළිබඳ හසළ අත්දැකීම් ඇති පරිපාලන නිලධාරියෙකු ලෙස ප්‍රකටය.

කොළඹ වරාය නගරය පාලනය කරන ආර්ථික කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිත ය. වරාය නගරය සම්බන්ධයෙන් පරිපාලන, මුල්‍ය ඇතුළු සියලු තීන්දු තීරණය ගැනීමේ බලය මෙම කොමිසමට හිමිවන අතර එහි සභාපතිවරයා ජනාධිපතිවරයාට ඍජුව වගකියන බලවත් තනතුරකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *