වර්ධරාජා පෙරුමාල් ඊළම අතහරී! ඒකීය රට රකින්න ගෝඨා සමග එක්වෙයි!

October 13, 2019 at 11:02 pm | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ජනාධිපතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එම පක්ෂයේ නායක වර්ධරාජ පෙරුමාල් ඊයේ (12) එක්වෙමින් මේ බව ප්‍රකාශයට පත්කළේය.

මීට අමතරව සමස්ත ලංකා දෙමළ මහා සභාවද ගෝඨාභය රාජපක්ෂට සහාය ලබාදීමට තීරණය කළ අතර එහි නායක හා මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කේ.විග්නේෂ්වරන් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

වර්ධරාජා පෙරුමාල් එහිදී ජනතාව අමතමින් මෙසේ පැවසීය.

“එක්තරා කාලයක් රට බෙදා වෙන් කරන්න මම සටන් කළා. රට බෙදා වෙන්කිරීමේ සටනට එක් වූ මම ආයෙත් මේ රට බෙදා වෙන්කරන්න එක්වෙන්නේ නැහැ. දෙමළ ජනතාවත් රට බෙදා වෙන්කිරීමට කැමැති වෙන්නේ නැහැ”

මේ රට බෙදා වෙන්කරන සටනක් මින් ඉදිරියට ඇතිවෙන්නේ නැහැ. දෙමළ ජනතාව ඒකට කැමැති නැහැ. රට විනාශ වුණා. ඒකීය රට තුළ ජාති භේද ඇති වුණා. එකිනෙකා අවිශ්වාස කරන තත්ත්වයක් ඇති වුණා. දැන් මේ රටේ සියලු දෙනාට සහෝදරයන් වගේ ඉන්න පුළුවන්කමක් ඇතිව තියනවා. මේ රටේ සියලු ජාතීන්ගේ අනන්‍යතාව ඇතිවන ආකාරයට රටේ අපි සියලුදෙනා එක්ව ගොඩනැගිය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස