වර්ජන රැල්ලට ආණ්ඩුව සූදානම්…! විදුලිය, ඛනිජ තෙල් සහ සෞඛ්‍ය අත්‍යවශ්‍ය වෙයි..!

August 4, 2022 at 9:46 am | by emanisa.lk

රාජ්‍ය සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවය අත්‍යාවශ්‍ය සේවයන් ලෙස නම්කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

වෘත්තීය සමිති දිගින් දිගට ම වර්ජන ක්‍රියාමාර්ග ඔස්සේ ජනතාව අපහසුතාවට පත් කිරීමට සැලසුම් කරන බවට ලද බුද්ධි අංශ වාර්තා අනුව මෙම පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *