වනජීවි නිලධාරියාට පහර දුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට….!

July 1, 2021 at 12:06 pm | by emanisa.lk

වනජීවි නිලධාරියකුට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා ලද යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලිසියට බාරවීමෙන් පසු අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාර මේජර් ⁣ජෙනරාල්වරයා අද පෙරවරුවේ හබරණ පොලිසියට ස්වෙච්ඡාවෙන් පැමිණ ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ය.

අත්අඩංගුවටට ගත් යුද හමුදා මේජර් ජනරාල්වරයා කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.

මෙම මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කැකිරාව මහේස්ත්‍රාත්වරයා කැකිරාව පොලිසියට ඊයේ (30) නියෝගයක් නිකුත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *