ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට..! අවුරුදු 03කට පසු මුල් වරට ඩොලර් 80 පනී…!

October 11, 2021 at 10:30 pm | by emanisa.lk

වසර තුනකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 ඉක්මවා තිබේ. 2018 වසරට පසු තෙල් බැරලයක මිල ඩොලර් 80 ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.

සැප්තැම්බර් 28 වන දින වන විට ඩොලර් 80.69ක් වූ තෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 83.98ක් ලෙස වාර්තා වෙයි.

මේ වන විට ඉන්දියාවේ ඉතිහාසයේ වැඩි ම පෙට්‍රල් සහ ඩීසල් මිල වාර්තා වන අතර ලංකාවේ ද තෙල් මිල වැඩි කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *