ලෝක වෙළඳපොළේ තෙල් ඩොලර් 70ට බැහැල..! එතකොට මිල සූත්‍රේ වැඩ නැද්ද…?

September 27, 2022 at 1:01 pm | by emanisa.lk

ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වුව ද ජනතාවට මෙතෙක් එම සහනය ලබා දී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

ආණ්ඩුව මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වන විට මෙරට මිල ද අඩු කරන බව ප්‍රකාශ කළ බවයි, රහුමාන් පෙන්වා දෙන්නේ.

අද වන විට තෙල් බැරලයක මිල ඩොලර් 70 දක්වා අඩු වුව ද ලංකාවේ මිල මාස ගණනක සිට අඩුව නැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙය මහජන මුදල් අවභාවිතයක් බවට ද මුජිබර් රහුමාන් චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *