ලොතරැයියක් ඇදුණැයි බොරු කියලා කොලු ගැටයෙක් ඩබ්ලිව්. ජයසිරිගේ ලක්ෂ 12කට විදලා!

August 3, 2020 at 11:27 pm | by emanisa.lk

රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි රවටා රු. ලක්ෂ දොළහක් වංචා කළ තරුණයෙකු පිළිබඳ ඔහු පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ.

ඔහුට ඇමරිකානු ඩොලර් අසූ පන්දහසක දිනුමක් ලැබී ඇති බව පවසා ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු හතරක රු. ලක්ෂ දොළහකට අධික මුදලක් මෙලෙස තැන්පත් කරගෙන ඇත්තේ 32 හැවිරිදි තරුණයකු බව වාර්තා වෙයි.

අන්තර්ජාලයේ නිතර හුවමාරු වන මෙවැනි වංචා සහගත ලිපියකට රට පාලනයට පවා උපදෙස් ලබා දෙන යහපාලන හිතවාදියෙකු වන ඩබ්ලිව්. ජයසිරි වැන්නකු හසු වීම පුදුම සහගත බව සමාජමාධ්‍යවල සාකච්ඡා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *