මාෆියාව ඉවරයි..! ලොකු ලූනු රු. 300ට බහී…!

January 1, 2024 at 4:15 pm | by emanisa.lk

රුපියල් 600ක්ව පැවැති ලොකු ලූනූ කිලෝ ග්‍රෑමයක මිල ඊයේ (31) වන විට රුපියල් 300-350 දක්වා අඩුවූ බව දඹුල්ලේ ලොකු ලූනු ව්‍යාපාරිකයෝ පැවසූහ.

ඒ, පාකිස්තානය, තුර්කිය සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයකින් මෙරටට ලොකු ලූනු තොග ආනයනය කිරීමත් සමගය.

ඉන්දියාවෙන් ලොකු ලුණු මෙරටට ගෙන්වීම තහනම් කිරීමත් සමග ලොකු ලූනූ කිලෝග්‍රෑමය රුපියල් 600 දක්වා ඉහළ ගොස් තිබිණි.

දැනට වරායේ ඇති ලොකු ලූනු තොග වෙළඳපොළට ලැබීමත් සමග මිල තව දුරටත් පහත වැටෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *