ලෙඩ්ඩු ඇඳන් නැතිව බිම නිදා ගනිද්දි වසා තිබුණු රෝහල් වාට්ටුව ගලව ගෙන යයි…!

August 9, 2021 at 12:47 pm | by emanisa.lk

කළුතර දිස්ත්‍රික්කයේ නාගොඩ, පානදුර සහ පිඹුර රෝහල් ආශ්‍රිතව තාවකාලික ප්‍රතිකාර ඒකක ස්ථාපිත කළ නමුත් ඉන් භාවිතයට ගෙන තිබුණේ නාගොඩ රෝහලේ ප්‍රතිකාර ඒකකය පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

සෙසු රෝහල් ආශ්‍රිතව සකස් කළ ප්‍රතිකාර ඒකක මාස තුනක කාලයක් තිස්සේ භාවිතයට නොගැනීම හේතුවෙන් ඒවා ඉවත් කිරීමට කටයුතු කළ බවත්, රෝහල් බලරීන් සමග සාකච්ඡා කර ඉදිකර තිබූ තාවකාලික ගොඩනැගිලි පමණක් ගලවා ඉවත් කළ බවත් මන්ත්‍රීවරයා පෙනවා දෙයි.

අදාළ ප්‍රතිකාර ඒකකවල තිබූ සියලු භාණ්ඩ රෝහල් වෙත ම ලබා දීමට කටයුතු කළ බව පෙන්වා දෙන සංජීව එදිරිමාන්න පවසන්නේ පිඹුර රෝහලට ලබා දුන් ඇඳන් 40 ගබඩා කිරීම සඳහා විශාල ඉඩක් අවශ්‍ය බැවින් තාවකාලිකව එළිමහනේ තබා ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *