ලසන්ත ඔසවා තැබූ මිල්කෝ රේණුක සමතලා කරයි…! වසරක අලාභය මිලියන 471යි…!

July 2, 2023 at 9:01 am | by emanisa.lk

මිල්කෝ සමාගම 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 471ක පාඩුවක් ලබා ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

මිල්කෝ සමාගම පසුගිය වර්ෂ තුනේ වාර්තා කොට ඇති ඉහළ ම අලාභය මෙය වන අතර දේශීය කිරි ගොවීන්ගෙන් එකතු කළ කිරි ප්‍රමාණය සියයට 29කින් පහත වැටී ඇත.

2021 වර්ෂයේ දී මිල්කෝ සමාගම රුපියල් මිලියන 329ක ලාභයක් වාර්තා කර තිබුණි. එවක ලසන්ත වික්‍රමසිංහ මිල්කෝ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර යහපාලන ආණ්ඩු සමයේ පාඩු ලැබූ මිල්කෝ ආයතනය ලාභ ලබන තත්ත්වයට ගෙන ආවේ ඔහු විසිනි. කෙසේ වුව ද අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා එහි සභාපති ධූරයට පත් කෙරිණි.

සමාගම විසින් කාරක ප්‍රාග්ධන අරමුණු සඳහා ලබාගත් අයිරා පහසුකම් හේතුවෙන් බැංකු ණය ප්‍රමාණය 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 1230 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී තිබුණි. මේ සමග මූල්‍ය පිරිවැය සියයට 444.8කින් විශාල ලෙස වැඩි වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *