ලයිට් දාන්න ඕන නෑ…! පහන් දල්වා බෝධි පූජාව කරමු…! – පොහොට්ටු ලේකම්ගෙන් යෝජනාවක්…!

September 20, 2022 at 7:44 pm | by emanisa.lk

විහාරස්ථානවල විදුලි බිල වැඩි වීම පිළිබඳ භික්ෂූන් වහන්සේලාගේ දැඩි විරෝධයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

මහ ලේකම්වරයා පවසන්නේ විදුලි බිල නැංවීම රජය කිසිදු කැමැත්තකින් සිදු නොකරන බවයි.

බෝධිය වටේ ඉස්සර මෙන් පහන් වැටක් දල්වා බෝධි පූජාව කරමු යැයි සාගර කාරියවසම්, මහා සංඝ රත්නයෙන් ඉල්ලා සිටියේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුව සඳහා එම පක්ෂ කාර්යාලයේ දී එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *