ලබන අවුරුද්දේ ගොවීන්ට ජල බද්දක්…!

July 19, 2023 at 11:50 am | by emanisa.lk

එළඹෙන වසර වන විට ගොවි ජනතාවට ජල බද්දක් පැනවීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පිඹුරුපත් සකසමින් සිටින්නේ යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි.

වාරිමාර්ගවලින් නිකුත් කෙරෙන ජලයෙන් ගොවිතැන් කරන ගොවීන් නිසි කලට වගා නොකිරීමෙන් ජලය නාස්ති වන බවට පවසමින් මේ බද්ද අයකර ගැනීමට සූදානම් වන බව ද හෙතෙම කීය.

ඇතැම් කන්නවල කුඹුරු ඉඩම්වල ගොයම් කැපෙන කාලයේදීත් වාරි ජලාශවලින් ජලය නිකුත් කෙරෙන බව ද ඒ සඳහා වගකිවයුත්තේ වාරි ඉන්ජිනේරුවන් සහ ජල පාලකයන් මිස ගොවි ජනතාව නොවන බව ද අනුරාධ තෙන්නකෝන් අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *