ලබන අවුරුද්දේ ආර්ථිකය ස්ථාවර වෙනවා…! – මහ බැංකු අධිපති….

October 3, 2022 at 8:26 am | by emanisa.lk

කෙතරම් අපහසු අවස්ථාවක වුව ද රජයේ වගකීම් හරහැටි ඉටු කිරීමට උත්සාහ දරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 135 වන සංවත්සරය වෙනුවෙන් පැවැති සම්මේලනයට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

ආර්ථික අවපාතයක් පවතින විට එය රටේ සියලු අංශවලට බලපෑමක් වන බවත් සෞඛ්‍ය අංශයට ද එය පොදු බවත් මහබැංකු අධිපතිවරයා එහි දී පැවසීය.

නොමිලේ සෞඛ්‍ය සේවාවක් සැපයුව ද රටේ සියලු දෙනා ඒ වෙනුවෙන් බදු ගෙවීමක් සිදු කරන බවත් සීමිත සම්පත් ප්‍රමාණයක් තුළ සෞඛ්‍ය පවත්වා ගෙන යා යුතු බව ද පැවසූ ඔහු සෞඛ්‍ය මෙන්ම, ඉන්ධන ගෑස් හා විදුලිය ද අත්‍යවශ්‍ය සේවාවන් බව ද පැවසීය.

ආර්ථිකය ස්ථායි කර ගැනීම ලබන වසරේ මුල් කාලය වන විට හැකි වනු ඇති බවට ද නන්දලාල් වීරසිංහ සිය විශ්වාසය පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *