ලක්ෂ දහයේ කුළියට සැප වාහන එපා කියයි..! වාහන කබලක් හදා ගෙන රාජකාරියට එයි.! – නව විගණකාධිපතිගෙන් රාජ්‍ය සේවයට ආදර්ශයක්….

April 25, 2022 at 12:07 pm | by emanisa.lk

මසකට රුපියල් ලක්ෂ 10ක පදනම යටතේ වාහනයක් කුලියට ගැනීම ප්‍රතික්ෂේප කළ විගණකාධිපති චාලාන්ත වික්‍රමරත්න ආයතනය සතු පරණ වාහනයක් සිය රාජකාරී සඳහා යොදා ගනිමින් සියලු රාජ්‍ය සේවකයනට ආදර්ශනයක් දුන්නේය.

විගණකාධිපතිවරයාගේ රාජකාරි කටයුතු සඳහා පාවිච්චි කිරීමට රුපියල් ලක්ෂ 10ක කුලී පදනම මත වාහනයක් ගැනීමට මුදල් අමාත්‍යංශය පවා අනුමැතිය ලබා දී තිබුණි.

රට අසීරුතාවට පත්ව සිටින මොහොතක රජයේ නිලධාරීන් ආදර්ශයක් දිය යුතු බව ප්‍රකාශ කර ඇති විගණකාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවේ ඇති පාවිච්චි කළ පරණ වාහනයක් තම රාජකාරී කටයුතු සඳහා යොදා ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *