ලංකා ආර්ථිකය හාන්සියි! කලාපයේ 7 වෙනියා! ග්‍රීසිය පෙනෙන දුරින්!

February 14, 2019 at 8:54 am | by admin

වසර කිහිපයකට පෙර ආසියාවේ චීනයට පමණක් දෙවැනි ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ ශ්‍රී ලංකාව නවතම දත්ත අනුව 3.3ක වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරමින් කලාපයේ හත්වෙනි ස්ථානයට වැටී තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ ආර්ථික වර්ධන වේගය 2.7ක් ලෙස වාර්තා කරන ඇෆ්ගනිස්ථානය පමණි.

ඇෆ්ගනිස්ථානය ඇමරිකානු ආක්‍රමණය සමග සම්පූර්ණයෙන් බිඳ වැටුණු රටක් වන අතර එහි තාලිබාන්, අක්කයිඩා ආදී ත්‍රස්ත සංවිධාන තවමත් ක්‍රියාත්මක වෙයි. 7.9 ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ නේපාලය කලාපයේ පෙරමුණ ගෙන ඇත.

ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ පවතින තත්ත්වයට පිළියම් නොයෙදුවහොත් එළඹෙන වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගනු ඇති බවය. පසුගිය සමයේ මහා ආර්ථික අවපාතයකට ගොදුරු වූ ග්‍රීසිය ද 2018 වසරේ 2.05 ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන ඇත. මේ වන විටත් ඊජිප්තුව පරදා ලොව ඉහළම පොලී අනුපාත වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *