ලංකාවේ තෙල් බෙදන්න තවත් සමාගමක් එක්වෙයි…! ගිවිසුම අත්සන් කරන්න ඇමරිකානු තානාපතිනියත් එයි…!

June 9, 2023 at 8:59 am | by emanisa.lk

අමෙරිකානු බලශක්ති සමාගමක් වන RM පාර්ක්ස්, ෂෙල් සමාගම හා එක්ව මෙරට බලශක්ති වෙළඳපොළට එක්වීම සඳහා වන ගිවිසුම්ගත වීම ඊයේ (08) සිදු විය.

ෂෙල් වෙළඳ සන්නාමය යටතේ මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන RM පාර්ක්ස් යනු ලංකාවට එකතුවන වන හතරවන ඉන්ධන සමාගම වන අතර, එම ගිවිසුම අනුව වසර විස්සක කාලයක් සඳහා එම සමාගමට ඉන්ධන ආනයන කිරීමේ, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අවසරය හිමිවන බව සඳහන් ය.

තව ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගිවිසුම්ගත වී ඇති ඉන්ධන පිරවුම්හල් 150ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමේ අවසරය ද ඔවුනට ලැබෙනු ඇත.

විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ ස්වයංක්‍රීය ඉන්ධන බෙදුම් යන්ත්‍ර, ඉලෙක්ට්‍රොනික වාහන ආරෝපණ යටිතල පහසුකම් සහ වෙළඳසැල්වලින් සමන්විත නව ඉන්ධනහල් සංකල්පයක් සමග ඔවුන් මෙරට ඉන්ධන වෙළඳපොළ නව තලයකට එක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *