සිපෙට්කෝ වැඩ වර්ජනයක…! තෙල් බෙදා හැරීම් අඩාලයි..! ඇමැතිගෙන් දැඩි තීන්දුවක්..!

March 28, 2023 at 6:29 pm | by emanisa.lk

ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය විදේශ සමාගම් දෙකකට ලබාදීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති රැසක් මේ වන විට රාජකාරිවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ.

මෙම නිල නොවන වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන බවුසර්වලට ඉන්ධන පැටවීම ද නතර වී ඇති බවත් ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් වෘත්තිය සමිති පවසයි.

මේ අතර බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ, අත්‍යවශ්‍ය සේවා නියෝග නොතකමින් තෙල් බෙදා හැරීම් කඩාකප්පල් කළ වෘත්තීය සමිති සහ සේවකයින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමට ආයතන සභාපතිවරුන්ට නියෝග කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *