ලංකාවේ උද්ධමනය පහළට…! ලොව ඉහළ ම උද්ධමන කාණ්ඩයෙන් ඉවතට..! – මහාචාර්ය ස්ටිව් හැන්ක්ගේ නවතම වාර්තා මෙන්න…

March 31, 2023 at 8:27 am | by emanisa.lk

ලෝකයේ ඉහළ ම උද්ධමනය වාර්තා වන රටවල් අතර පැවැති ශ්‍රී ලංකාව මේ වන විට ඉන් ඉවත්ව ඇතැයි ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටිව් හැන්ක් පෙන්වා දෙයි.

පසුගිය මාර්තු 09 වන දා වන විට 31%ක උද්ධමනයක් වාර්තා කරමින් ලෝකයේ ඉහළ ම උද්ධමනය වාර්තා වූ රටවල් අතර 18 වන තැනට ලංකාව පත්ව තිබිණි.

කෙසේ වුව ද මාර්තු 23 වන දා වන විට ලංකාව ලොව ඉහළ ම උද්ධමනය වාර්තා කළ රටවල් අතරින් ඉවත්ව තිබේ.

නවතම ලැයිස්තුවේ වැඩ ම උද්ධමනය වාර්තා වන්නේ වෙනිසියුලාවෙනි. ඒ 514%ක උද්ධමනයකි. 79%ක උද්ධමනයක් වාර්තා කරමින් කියුබාව එහි 10 වෙනි ස්ථානයේ රැඳී සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *