ලංකාවට තෙල් ගෙන ආ නැවක් දින ගණනක් වරායේ…..! ඩොලර් හිඟයෙන් ගෙවීම් ප්‍රමාද වෙයි…..!

July 10, 2021 at 7:58 am | by emanisa.lk

ලංකාවට තෙල් තොගයක් රැගෙන ආ නැවක් දින ගණනාවක් තිස්සේ කොළඹ වරායේ නැංගුම් ලා තැබීමට සිදු වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

එයට හේතු වී ඇත්තේ ඒ සඳහා තෙල් සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 45ක මුදල ලබා දීම දිගින් දිගට ම ප්‍රමාද වීම ය.

පසුගිය 05 වෙනිදා ලංකාවට පැමිණි නැවට අදාළ මුදල ලබා දීම පිළිබඳ තහවුරුව ලැබී ඇත්තේ ඊයේ (09) පස්වරුවේ ය.

මේ වන විට ඉන්ධන මිලට ගැනීම සඳහා විදේශ විනිමය හිඟයක් ඇති බවත් අද මිලයට ගන්නා ඉන්ධන සඳහා මුදල් ගෙවන්නේ තවත් මාස ගණනකට පසුව බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගියදා ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *