රෝහල් කාර්ය මණ්ඩලයට වෙන්කළ එන්නත් සියල්ල දේශපාලන හිතවතුන්ට බෙදල..! සේවකයින් විරෝධයේ…

February 26, 2021 at 6:49 am | by emanisa.lk

මාළමේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්යමණ්ඩලය කොරෝනා එන්නත් කරනයේදී ගැටළු මතු වී තිබේ.

රෝහල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන්ට එන්නත් ලබා දීම සදහා ඊයේ දිනයේ කැඳවා තිබුණද එන්නත ලබා නුදුන් බව එම රෝහලේ සේවකයෝ සඳහන් කළහ.

සේවකයන්ගේ පවුල්වලට වෙන් කර තිබූ එම එන්නත් මාත‍්‍රා සියල්ල විවිධ දේශපාලන බලධාරීන්ගේ හිතවතුන්ට පරිපාලනය විසින් ලබාදිය ඇතැයි ඔවුන් චෝදනා කළහ.

මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රෝහලේ සේවකයන් හා රාජකාරීවලින් ඉවත්ව සිටි අතර පසුව පරිපාලන ප්‍රධානියා මැදිහත් වී සමතයකට පත් කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *