රෝහල්වල බෙහෙත් හිඟ වුණ හැටි එළියට…! මිලියන 09ක ශල්‍ය උපකරණ ශල්‍යාගාර සිවිලිමේ…!

June 27, 2023 at 5:21 pm | by emanisa.lk

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිම උඩ සඟවා තිබූ ශල්‍ය උපකරණ තොගයක් සොයාගත් බව කෝප් කමිටුවව හමුවේ අනාවරණය විය.

මෙම ශල්‍ය උපකරණවල වටිනාකම රු. මිලියන 8.8කට අධික බව වාර්තා වෙයි.

රෝහල්වල දැඩි ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් පවතින බවට මැසිවිලි නඟන අතර මෙවැනි දෙයක් සිදුවීම පුදුම සහගතය.

අදාළ සිදුවීම පිළිබඳ එක් නිලධාරියෙකුගේ වැඩතහනම් කළ ද විධිමත් පරීක්ෂණයක් සිදු නොකර අදාළ අපරාධය යට ගැසීමේ සූදානමක් ඇති බවට ද කෝප් කමිටුව හමුවේ චෝදනා එල්ල විය.

මෙය එක සිදුවීමක් පමණක් බවත් යම් යම් පාර්ශ්වල උවමනාව මත මෙවැනි සිදුවීම් තව බොහෝ ගණනක් රෝහල්වල සිදුවීමේ හැකියාව ඇති බවත් එහි දී ප්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *