රෝගී කතුන්ට අතවර කළ වෛද්‍යවරයාට වසර 04ක සිරදඬුවම්..!

August 22, 2023 at 7:44 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රෙලියාවට සංක්‍රමණයවූ වෛද්‍යවරයෙකු එරට දී ලිංගික අතවර චෝදනාවට වරදකරුවෙකු වී වසර 4 කට සිරදඬුවමකට යටත් කර ඇති අතර වසර 15 කට වෛද්‍ය සේවයේ යෙදීම තහනම් කර ඇත. ඔහු නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇති බවට ද එරට මාධ්‍ය වාර්තා කරයි.

නිශංක සංජීව ලියනගේ නමැති නම් මෙම වෛද්‍යවරයා වෛද්‍ය උපදේශන මුවාවෙන් රෝගීන් හය දෙනෙකුට විකෘති ලෙස ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වන්නේ මීට වසර හයකට පමණ ඉහතදීය.

2016 දෙසැම්බර් සිට 2017 මාර්තු දක්වා කාලය තුළ වයස අවුරුදු 20 – 55 ත් අතර කාන්තාවන් හය දෙනෙකුට ඔහු අතවරසිදු කර ඇත්තේ බැන්ක්සියා ග්‍රෝව් ප්‍රදේශයේ පවුලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි කාලයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *