රෝගීන් වාර්තා වීම වෛරස ප්‍රමාණයත් අඩුයි! රෝගය යම් පාලනයකට නතු වී තිබෙනවා! – වසංගත රෝග විද්‍යා ප්‍රධානී…

November 30, 2020 at 9:20 pm | by emanisa.lk

මේ වන විට රැපීඩ් ඇන්ටිජන් ටෙස්ට් මගින් සමාජයෙන් හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

එසේ ම පසුගිය කාලයට සාපේක්ෂව PCR මගින් හඳුනා ගන්නා රෝගීන්ගේ ශරීරවල අඩංගු වෛරස ප්‍රමාණය අඩු බව ද ඔහු අවධාරණය කරයි.

එමගින් අලුතින් රෝගීන් එකතු වීමේ යම් පාලනයක් ඇති බව තහවුරු වන බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

මේ වන විට හේතු සහිතව මෙන් ම රහිතව පාසල් වැසීමේ තත්ත්වයක් දැකිය හැකි බවත් එසේ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් ඔහු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *