රු. 255 එන්නත් රු. 40 869 ගාණේ අරන්…! ලක්ෂ හතරේ එන්නත් තොගයට ලක්ෂ 687ක් ගෙවලා..!

November 9, 2022 at 8:54 am | by emanisa.lk

රුපියල් 255 කට මිල දී ගැනීමට ඇස්තමේන්තු කර තිබූ එන්නතක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් 40,869 බැගින් ලබා ගත් බව අනාවරණය වී තිබේ.

මෙලෙස අධික මිලට එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

ඒ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදුකළ විගණනයක දී අනාවරණය වූ කරුණු අනුව ය.

එම විගණන වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිල දී ගත්තේ නම් වැයවන්නේ ලක්ෂ හතරකට ආසන්න මුදලකි. එහෙත් සංස්ථාව මෙම එන්නත සඳහා රුපියල් හයකෝටි අසූහත් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයිද විගණන වාර්තාවේ සඳහන්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *