රුපියල ශක්තිමත් කළේ ආර්ථිකේ හදලා නෙමෙයි…! ඇපල් මිදි TV තහනම් කරලා…! – අනුර…

March 13, 2023 at 12:42 pm | by emanisa.lk

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇත්තේ ආර්ථික වර්ධනයක් නොව ආර්ථික හැකිළීමක් නිසා යැයි ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.

මේ වන විට රූපවාහිනී, ශීතකරණ, ඇපල්, මිදි ඇතුළු බොහෝ ආනයන සීමා කොට ඇති නිසා ඩොලරයට ඇති ඉල්ලුම අඩු වී ඇති බවයි, ඔහු සඳහන් කළේ.

2022 වසරේ ජනවාරියට සාපේක්ෂව 2023 ජනවාරියේ ආනයන වියදම ඩොලර් මිලියන 600කින් අඩු වී ඇතැයි ද රුපියල ශක්තිමත් වීම එහි ප්‍රතිඵලයක් බව ද අනුර දිසානායක ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *