රාජ්‍ය බැංකුවලට කෝටි දෙදාහක පොල්ලක් තබා ඇමති මලික්ගේ ගජයාගේ සමාගම බංකොලොත් වෙයි!

March 2, 2019 at 11:12 pm | by admin

අමාත්‍ය මලික් සමරවික්‍රමගේ දේශපාලන බලය යොදා ගෙන මහජන බැංකුවෙන් රු. කෝටි 1000ක් ඇතුළු රාජ්‍ය බැංකුවලින් කෝටි 2000ක පමණ ණයක් ලබා ගෙන ඇති CML WALKERS PLC සමාගම බංකොලොත් වී තිබේ. මේ හේතුවෙන් මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු පද්ධතිය ඉදිරියේ දී දැඩි මූල්‍ය අර්බුදයකට ගොදුරු වනු නො අනුමානය.

මෙම කරුණු අනාවරණය වූයේ එම සමාගමට ලබා දී ඇති කොන්ත්‍රාත් සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාව පිළිබඳ පසුගිය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වූ අවස්ථාවේය. මෙහි දී අමාත්‍ය මලික් සමරවික්‍රම නිරුත්තර වී ඇති අතර සමාගමේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ධුරය දරන්නේ ජෙහාන් අමරතුංග නම් මලික් සමරවික්‍රමගේ සමීපතම ව්‍යාපාරික සගයාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *