රාජ්‍ය ආයතන 420න් 32ක් අන්ත දූෂිතයි…! වසර තුනක පාඩුව කෝටි 46500යි…! ආයතන නඩත්තු කරන්නේ සේවකයින්ට පඩි ගෙවන්න..!

March 5, 2023 at 6:06 pm | by emanisa.lk

රාජ්‍ය ආයතන 420 අතරින් 32ක් අන්ත දූෂිත සහ විශාල වශයෙන් පාඩු ලබන ආයතන ලෙස කෝප් කමිටුව හඳුනාගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

ආයතන තිස් දෙක 2018 වර්ෂයේදී රුපියල් කෝටි 19300ක්ද 2019 වර්ෂයේදී රුපියල් කෝටි 15800 ක්ද 2020 වර්ෂයේ දී රුපියල් කෝටි 11400 ක්ද වශයෙන් වසර තුනක් ඇතුළත රුපියල් කෝටි 46,500 ක පාඩුවක් ලබා ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේවා පවත්වාගෙන යෑමට ආණ්ඩුවට වාර්ෂිකව කෝටි ගණන් සාමාන්‍ය ජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදල් පොම්ප කිරීමට සිදුව ඇතැයිද සමහර ආයතන අද පවත්වාගෙන යන්නේ සේවකයන් රැක බලා ගැනීමට බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා සතොස සමාගම පාඩු ලබන ආයතන අතර ප්‍රධාන තැනක් ගන්නා බවත් සමස්ත පාඩුවෙන් සියයට හතළිහක් පමණ අයත් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බවත් ගාමිණී වලේබොඩ පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *