රාජපක්ෂ පවුලේ රැකවලෙක් වෙන්න සූදානම් නෑ..! – සජිත්…

May 24, 2022 at 4:14 pm | by emanisa.lk

අවස්ථාවාදී දේශපාලනය සිදු කරමින් රාජපක්ෂ පවුලේ රැකවලුන් බවට පත්වෙනවාද, ප්‍රතිපත්තිගරුකව මහජන සේවාව ඉටු කරනවාද යන්න තීන්දු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රාජපක්ෂ පවුල රකින ප්‍රධාන නිලධාරියා හෝ එහි සාමාජිකයෙකු වීමට තමන් කිසි විටකත් සූදානම් නැති බව ද හෙතෙම පැවැසීය.

හොරකම් පිළිබඳව කෝප් කමිටුවෙන් හෙළිදරව් වුවද, මේ ආණ්ඩුව සිදු කරන්නේත් හොරු ආරක්ෂා කිරීම බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *