රාජපක්ෂලා පාළම් හැදුවේ පවුල් පරපරුරට එතෙර වෙන්න! අපි හැදූ පාළම් නිසා ගොවි ජනතාවට මුදල් සම්භාරයක් ලැබුණා!

April 7, 2019 at 4:14 pm | by admin

පසුගිය පාලන සමයේදී පාලකයින් ඔවුන්ගේ පවුල් පරපුරට එතෙර වීමට හැකි පාලම් ඉදිකළ ගත් බවත්, අද යහපාලන රජය පාලම් ඉදි කරන්නේ මහ පොළොවේ පය ගසා ජීවත්වන අසරණ පොඩි මිනිසා වෙනුවෙන් බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

රටේ පොඩි මිනිසා වෙනුවෙන් අප ඉදිකරන පාලම් තුළින් ගොවි ජනතාවගේ කෘෂි කාර්මික ක්‍රියාදාමයද ශක්තිමත් වන බවත්, ඒ හරහා ඔවුන්ට මුදල් සම්භාරයක් හිමිවීම නිසා ජන ජීවිතයද ශක්තිමත් බව බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

වත්මන් දේශපාලන ක්ෂේත්‍රය තුළ විරුද්ධවාදීන් අපේක්ෂකයින් තෝරනුයේ තම පවුලේ අයගේ අනාගතය සුරක්ෂා කිරීමට බව පැවසූ අමාත්‍යවරයා, පොදු ජන පෙරමුණෙන් පොඩි මිනිසෙකුට අපේක්ෂකත්වය ලබා ගන්නට නොහැකි බව ද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස අමත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට ලුණුගම්වෙහෙර, දකුණු ඉවුර, කුඩා ගම්මාන 06, DC 05 බෙදුම් ඇළ හරහා ඉදිකෙරෙන ග්‍රාමීය පාලම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (07) දින සහභාගී වෙමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස