රනිල් මහින්ද අනුර හවුලෙන් රට බේර ගන්නේ සජිත්…!

December 29, 2022 at 10:08 am | by emanisa.lk

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ උත්සහ දරමින් ඉන්නේ තමන්ගේ සීයයට තුන ඉහළ දමාගෙන මන්ත්‍රීකම් වැඩි කර ගැනීමට බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහත් මහින්ද රාජපක්ෂත් අනුර දිසානායකත් ඉතාමත් හොඳ යහළුවෝ බවයි.

“ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කවුද. ඔවුන්ගේ ඉතිහාසය දිහා බැලුවම අපි දන්නවා මේ රටේ දැවැන්ත විප්ලවයන් හරහා ධනස්කන්ධයක් විනාශ කරපු කණ්ඩායමක්. LTTE සංවිධානය ආයුධ සමග සටන් කළේ හමුදාවත් එක්ක.

හැබැයි ඉතිහාසයේ අපේ කුඩා අවධිවල මේ රටේ නිරායුධ පුරවැසියෝ දැවැන්ත විදියට ඝාතනය කරා විතරක් නෙමෙයි ආර්ථික මර්මස්ථාන ගණනාවක් විනාශ කරපු ආර්ථික ඝාතකයෝ තමයි ජේවීපී එක කියන්නේ.

ඒ වගේම රටේ සුනාමි අරමුදල හොරාකාලා රට විනාශ කරපු මහින්ද රාජපක්ෂ මහත්තයත් බලයට ගේන්න කර දුන් උදවිය අනුර කුමාර දිසානායක මහත්තයාලා. එයාලා හිතනවා එයාලා නින්දෙන් නැගිටලා මැරිලා ඉපදුනා වගේ බලය ලබාගන්න. මේ රටේ උගත් බුද්ධිමත් වියතුන්ට කියනවා ඔබතුමාලගේ ඒ මනාපය ඉතා වැදගත් මේ රටේ පාලනය නිර්මාණය කරන්න.

සීයයට තුනක් තියෙන පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණොත් පාර්ලිමේන්තුවේ බලය එන්නේ නෑ. ඒ නිසා ඔවුන්ට මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීමේ උනන්දුවක්, අවශ්‍යතාවක් තියෙනව. ඒ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වීම සඳහා ආණ්ඩුවේ අත පෙවීමක් තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තය අනුර කුමාර දිසානායක මහත්තයලා එක්ක යාලු බව රටේ ජනතාව දන්නවා.

සමහර අරගලයට සම්බන්ධ වෙච්ච ශිෂ්‍යයෝ ගිහිල්ලා හිරකර ගත්තා. පාර්ලිමේන්තුව ගිනියන්න ඕන කියලා මුහුණු පොතේ වීඩියෝ තියෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අදටත් අත්අඩංගුවට ගත්තෙ නෑ. ඒ මේ අයගේ ඩීල් නිසා. ඒ නිසා මේ පූට්ටු ආණ්ඩුව ගෙදර යවන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *