රනිල් මංගල ගැටුමින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම පමාවෙයි!

January 30, 2019 at 8:07 am | by admin

කැබිනට් මණ්ඩලය පත්කර සති කිහිපයක් ගතව තිබුණ ද රජයේ සංස්ථා සහ මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂවරුන් පත්කිරීම ප්‍රමාදවී ඇත්තේ ජනපති කාර්යාලයේ වරදකින් නොව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ අමාත්‍යවරුන් අතර පවතින මත ගැටුම නිසා බව ජනපතිවරයා පවසයි.

ඒ අනුව එම තනතුරු සඳහා නම් කරන ලද පුද්ගලයන්ගේ නම් ජනපති කාර්යාලයට යොමුකළ දිනට පසුදිනම සුදුසුකම් පරික්ෂා කර බලා අනුමත කර අගමැති කාර්යාලයට යවන බව ද යම් ප්‍රමාදයක් ඇත්නම් එය සිදුව ඇත්තේ අගමැති කාර්යාලයෙන් බව ද ජනපතිවරයා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් රජයේ බැංකුවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල පත්නොකිරීම නිසා එම ආයතනවල කටයුතු වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව වාර්තා වී ඇති බව පවසන ජනපතිවරයා අවධාරණය කර සිටියේ එයට මුදල් අමාත්‍යාංශය වගකිව යුතු බවයි.ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ තනතුරු සඳහා පුද්ගලයන් නම් කිරීමේදී අගමැති හා මුදල් ඇමැති අතර ගැටුම් මතුවීමත්, ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුම් උත්සන්න වීමත් නිසා මෙම ප්‍රමාදවීම් සිදුවෙන අන්දමයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *