රනිල් නම් ජාතික නායකයා ජාතික සම්පතක් හැටියට ඉතුරු වුණා…!

June 12, 2023 at 5:35 pm | by emanisa.lk

විනාශයට පත් ජාතිය වෙනස් කිරීම සඳහා අලුත් මගක්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා බිඳුණු වැනසුණු ජාතිය නැවත නගා සිටුවන්නේ කෙසේදැයි කල්පනා කරන බවද හෙතෙම පැවසීය.

“කවුරුහරි හිතනවා නම් විනාශකාරීන්ට පුළුවන් රටක් ගොඩනගන්න කියලා එය වැරදීමක්. රටේ වාසනාවට රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා ජාතික සම්පතක් හැටියට ඉතුරු වෙලා සිටියා.
ඒ වෙලාවේ එතුමාගේ ගෙදර පුච්චන්නේ බය කරන්න. මටත් එතුමාට අස්වෙන්න කියලා දුරකථන ඇමතුම් රැසක් ආවා. මම ඒවට කලබල වෙන්න ගියේ නෑ. අස් වෙනවා ද කියා එතුමාගේ ඇහුවම අපි අපේ ගමන යමු කියා කීවා”

හබරාදුවේදී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *