රනිල් ජනාධිපති කිරීම ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ..! අරගල කරන්න තිබ්බේ Gota Stay කියලා..! – සජබ සංවිධායක….

December 27, 2022 at 3:25 pm | by emanisa.lk

සැබවින් ම අරගල කිරීමට තිබුණේ Gota Go Home කියා නොව Gota Stay කියා බව සමගි තරුණ බලවේගයේ උප සභාපති, වැලිගම සජබ සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි.

ගෝඨාභය ගෙදර යවා ගෙන්වා ගෙන ඇත්තේ ගෝඨාභයටත් එහා ගිය හිට්ලර්වාදියෙකු බවයි, ඔහු සඳහන් කළේ.

ගෝඨාභයගේ ඇති කිසි හොඳක් නැති වුවත් රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව ඔහු හොඳ බව ද රෙහාන් ජයවික්‍රම ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *