රනිල් ජනාධිපති කළේ පොහොට්ටුව රැක ගන්නයි…! – නාමල්…

June 13, 2023 at 1:04 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් කිසි දිනක රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා නොදන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

කෙසේ වුව ද එම පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය තමන් ඇතුළු පොදුජන පෙරමුණු මන්ත්‍රී පිරිස විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කළ බව ද ඔහු පෙන්වා දෙයි.

එය සිදු කළේ 69 ලක්ෂයක් ජනතාවගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ වමේ දේශපාලන කඳවුරේ ආරක්ෂාව සඳහා බව ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *