රනිල් ජනපති වනු දැකීම ජනතාවගේ එක ම පැතුමයි…! අවාසනාවට හැමෝම ඒ පැතුම හිතේ හංග ගෙන ඉන්නවා…! – රුවන්…

April 26, 2022 at 2:52 pm | by emanisa.lk

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි එක ම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා බව අද රටේ බහුතරයකගේ හෘද සාක්ෂිය පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රකාශ කරයි.

මහා සංඝරත්නය, විද්වත් වෘත්තිකයන් මෙන්ම පහළ ම තලයේ ගැමියා දක්වා මෙය පිළිගන්නා නමුත් රටේ අවාසනාවකට ඔවුන් එය එළිපිට කීමට මැලිකමක් දක්වන්නේ යැයි ද නියෝජ්‍ය නායකයා කීවේය.

වත්මන් රජය වසර තුනක දී අත්තකර දුන් එක ම දේ වන්නේ ලෝක උද්ධමන දර්ශකයේ තුන්වන ස්ථානයට ලංකාව රැගෙන ඒම බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ අදහස් පළ කළේ කොළඹ යුනියන් පෙදෙස පැවැති කාර්යාලයේදී විද්වත් වෘත්තිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *