රනිල් කියන්නේ බැසිල් අතේ නැටවෙන රූකඩයක්…!

June 16, 2023 at 10:27 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව මෙහෙය වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොව බැසිල් රාජපක්ෂ බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂ රැස්වීමක කටයුතු ජනාධිපතිවරයා මෙහෙයවිය යුතු වුව ද එහි සියලු කටයුතු සිදුවන්නේ බැසිල් රාජපක්ෂට උවමනා ආකාරයට බවයි.

රනිල් වික්‍රමසිංහ යනු රූකඩයක් බවත් එහි සියලු නූල් ඇත්තේ බැසිල් රාජපක්ෂ අතේ බවත් පවසන චමින්ද විජේසිරි පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා කැඳවූ ආණ්ඩු පත්ෂ රැස්වීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් පැමිණීම බැසිල් නවතා දැමූූ බවයි.

සජිත් ප්‍රේමදාස එදා බලය ලබා ගැනීමට අකමැති වූයේ මෙම තත්ත්වය නිසා මිස බයට නොවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *