රනිල් කියන්නේ ආර්ථික විශේෂඥයෙක්..! එතුමා තමයි ලංකාවේ ජාතික සම්පත…! – වජිර….

June 15, 2023 at 8:25 am | by emanisa.lk

ආර්ථිකය වැටෙන වෙලාව සහ නැගෙන වෙලාව පිළිබඳ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැනවින් දන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.

“මාධ්‍ය තමයි මේ රටේ ජනතාව නිවැරදි පාරේ ගෙන යන ආයතන. ඒවා වැරදි පාරේ අරන් ගියොත් රට වැටෙනවා. මාධ්‍ය පාලනය කරන්න යනවා කියා මේ දවස්වල අනිසි බියක් තිබෙනවා.

මානසික ත්‍රස්තවාදය පාලනය කරන්න ලෝකයේ නීති තියෙනවා. ඒවා ලංකාවටත් අවශ්‍යයි. අපි අලුතෙන් මාධ්‍යයට නීති රීති හදන්න ඕනෙ නෑ. සිංගප්පූරුවේ පත්තරේක නැති එකක් කිව්වොත් දඩ ගහනවා.

රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා දන්නවා, ආර්ථිකය වැටෙන වෙලාව සහ හැදෙන වෙලාව. ඒ මහතා දේශපාලනඥයකුට එහා ගිය ආර්ථික විශේෂඥයෙක්. එතුමා ශ්‍රී ලංකාවට සම්පතක්.”

සභාපතිවරයා මේ බව පැවැසුවේ බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *