රනිල් එජාප පසුපෙළ නොකවුට් කරයි! ජනපති වැය ශීර්ෂය ඡන්දයක් නැතිවම සම්මතයි!

March 13, 2019 at 7:15 pm | by admin

අයවැය මගින් 2019 වර්ෂය සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් මුදල් වෙන්කරන ලද ජනාධිපති වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි එම වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව අද (13දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ජනාධිපති වැය ශිර්ෂය සඳහා බෙදීමක් ඇති බැවින් ඡන්දයක් ලබාගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කථානායක කරු ජයසුරියගෙන් ඉල්ලිමක් කළ අතර ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කළේය.

ඒ අවස්ථාවෙදී නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ ජනාධිපති වැය ශිර්ෂය සඳහා කිසිදු බෙදීමක් නොමැති බැවින් එය ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලෙසය.

ඒ අනුව ජනාධිපති වැය ශිර්ෂය සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය සටහන් කරගමිනින් එය සම්මත වු බව කථානායක කරු ජයසුරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස