රනිල්ට කප් එක දීලා පොහොට්ටුව කැප් එක දා ගත්තා…! – සජිත්…

December 19, 2022 at 8:55 am | by emanisa.lk

ජනාධිපතිවරයාට කප් එක ලබා දී පොහොට්ටුව කැප් එක පැළඳ ඇතැයි ද, ඒ අය දැන් දෙකක් නොව එකක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පවසා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

දැන් පොහොට්ටුවට තියෙන්නෙත්, එක්සත් ජාතික පක්ෂයට තියෙන්නෙත් ජාමේ බේරගන්න ගේමක් බව පැවසූ විපක්ෂ නායකවරයා ජාමේ බේරගන්න දෙගොල්ල එකට එකතු වෙන්න හදන බවත් කීය.

වතුරට බිය නිසා පිස්සු බල්ලෝ නාවන්න බැරි බව කී විපක්ෂ නායකවරයා, ඒ ආකාරයෙන්ම මැතිවරණවලට බිය ආණ්ඩුව මැතිවරණ සඳහා රැගෙන යා නොහැකි යැයිද පැවසීය.

පළාත් පාලන මැතිවරණය කල් දාන්න ආණ්ඩුව දන්න කියන හැම කුමන්ත්‍රණයක් ම කරන බව කී විපක්ෂ නායකවරයා, කිසිම හේතුවක් නැති වුවහොත් කාලගුණයේ ප්‍රශ්නයක් හරි කියා මැතිවරණය කල් දමනු ඇතැයි ද පැවැසීය.

ඩුප්ලිකේට් සංධානවලට එකතුවෙලා රටම lost කරනවා වෙනුවට ඔරිජිනල් කණ්ඩායම එක්ක එකතුවෙලා ශ්‍රීලංකාව 1st කරමු යැයි ආරාධනා කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *