රනිල්ගේ බැරිකමට අද යුද සමයටත් වඩා ආර්ථිකය කඩා වැටිලා!

February 27, 2019 at 11:19 am | by admin

ත්‍රස්තවාදය පැවති සමයේදී ද වර්තමානයට වඩා ඉහළ ආර්ථික වර්ධන වේගයක් රට තුළ පැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසයි.

අද(26) පෙරවරුවේ හොරණදී මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

2003 පසුව ලංකාවේ අඩුම ආර්ථික වර්ධන වේගය පසුගිය දා වාර්තා වු බව මහ බැංකු අධිපතිවරයා පැවසු බවත්, එවැනි තත්ත්වයක් එකවර ඇති නොවන බවත් ඔහු පැවසීය.

රට තුළ ත්‍රස්ථවාදී ප්‍රශ්න තිබෙන කාලයේ දී පවා මෙවැනි තත්ත්වයක් ඇති නොවුන බවත්, ඒ තුළින් රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයට ඇති නොහැකියාව පෙනී යන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ හොරෙක් නොවන බව සිතා සිටි ජනතාව අද උදේ හවස ආණ්ඩුව වෙනස් වේවා යැයි ජනතාව ප්‍රාර්ථනා කරන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *