රනිල්ගේ නව කැබිනට්ටුවේ රාජපක්ෂලා නෑ…! නාමල්ගේ දේශපාලන ගමනත් අනතුරේ…!

August 14, 2022 at 7:33 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කරන්නට යන නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ පවුලේ කිසිවෙකු පත් නොකරන බව වාර්තා වෙයි.

මේ රහස දැනගත් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු පිරිසක් නාමල් රාජපක්ෂ හමු වී ඒ පිළිබඳ පවසා තිබේ. එහි දී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ ඇමැති තනතුරක් ඉල්ලා බලපෑම් කිරීමට තමා සූදානම් නොමැති බවය.

ඔවුන් එහි දී පෙන්වා දී ඇත්තේ ඇමති තනතුරක් නොලැබුණහොත් මේ ආණ්ඩුව විසුරුවන තුරු ඔහුට මන්ත්‍රීවරයෙකු ලෙස සිටින්නට සිදුවන බවත් අනතුරුව පැවැත්වෙන මැතිවරණයක දී අසුනක් දිනා ගන්නට බැරි වුණොත් දේශපාලන ඉදිරිය අවිනිශ්චිත විය හැකි බවත් ය.

“ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. නමුත් ඇමැති තනතුරක් ඉල්ලා මට බලපෑම් කරන්නත් බෑ යි.” නාමල් පිළිතුරු දුන් බව දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස