රනිල්ගේ අයවැය පුස්සක්..! ජනතා සහන කිසිවක් නෑ..!

November 14, 2022 at 10:22 pm | by emanisa.lk

2023 අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් සපයා නොමැති බව සමගි ජන බලවේගයේ  මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

රට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය, ජනතාවගේ ජීවන වියදම ප්‍රශ්නය, ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳ කිසිදු යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් වී නොමැති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

මෙවර අයවැය කිසිදු ඉලක්කගත වැඩපිළිවෙළක් නොමැති පුස්සක් බවත් ඔහු පැවසීය.

ආණ්ඩුව අයවැයට පෙර ම ජනතාවට බදු පැටවු බවත් රනිල් වික්‍රමසිංහගේ මෙවර අය වැයෙන් ජනතාවට සහන කිසිවක් නොමැති බවත් මහ ලේකම් මද්දුම බණ්ඩාර කීවේය.

ආණ්ඩුව මේ අයවැය මගින් ගොවියාට ධීවරයාට කම්කරුවාට රාජ්‍ය සේවකයාට කිසිදු පලක් ඉටු නොවූ බවත් ඔහු තවදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *