රතන හිමිට සියල්ල කලකිරෙයි…! මහණ වෙන්න සූදානම්..!

October 20, 2022 at 12:47 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි තමන් අමතා ඉතා ම කලකිරීමෙන් කතා කළ බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

“ලාල්, මට නම් දැන් මහණ වෙන්න හිතිලා තියෙන්නේ” යැයි රතන හිමි ප්‍රකාශ කළ බවයි, ලාල්කාන්ත හෙළි කළේ.

රතන හිමියන් මෙතෙක් කල් මහණ වී නොසිටි බව එහිමියන් දන්නා බව ද ඔහු සඳහන් කළේය.

හාමුදුරු කෙනෙක් සිවුරක් දා ගෙන සියල්ල කරගෙන දැන් මහණ වෙන්න හිතන්නේ නම් එය මාර කතාවක් බව ද ලාල්කාන්ත පෙන්වා දෙයි.

දුම්රිය වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අමතමින් ජවිපෙ හිටපු මන්ත්‍රීවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *